ජීවිතේ ඇත්තටම ප්‍රශ්න කියලා දෙයක් තියනවද?

වොශ් රූම් එකට ගිය අතරේ හිතුන දෙයක්.

 දැන් ඔයා නොකරපු වරදකට බැනුම් අහන්න වෙනවා. එතකොට ඔයා අවුල් වෙනවා. ඔයා හිතනවා ඇයි එහෙම වෙන්නෙ, ඇයි මම වගෙ හොඳ කෙනෙක්ට එහෙම වෙන්නෙ කියලා. ඔයා ඒ සිතුවිල්ල එක්ක ගැටෙනවා. ගැටෙන්න ගැටෙන්න ඔයාගෙ හිතට එන්නෙ දුකක් සහ තරහක්. 

හැබැයි ඇත්තටම ඔයා හිතපු විදිය හරිද? මෙහෙම බලමු. 

මේ ලෝකෙ බැණුම් අහන්නෙ ඔයා විතරද? ඔයා වෙන කෙනෙක්ට ඔහොම බැණලා නැද්ද? මේ ලෝකෙ මුලින්ම බැණුම් අහන කෙනා ඔයාද? එහෙම නෑනෙ. බැණුම් අහනවා හෝ වෙන කෙනෙක් ඔයාගෙන් බැණුම් අහනවා කියන එක ස්වභාවයනෙ. මම කියන්නෙ ඒක ඔයාට විතරක් වෙන දෙයක් හෝ ලෝකෙ අලුතෙන්ම වෙන දෙයක් නෙමෙයිනෙ. 

මූලිකවම ගත්තම ඔයාට වෙන හැම දෙයක්ම, හොඳ හෝ නරක, ඉස්සරත් වෙලා තියනවා, දැනුත් වෙනවා, ඉස්සරහටත් වෙනවා. ඒක නවතින්නෙ නැහැ. අනිත් දේ තමයි, ඔයා කොහොම හිතුවත්, ඔයාගෙ පාලනයක් නැතුව වෙන දේවල් වලට ඔයාට කරන්න දෙයක් නැහැනෙ. ඔයාට මොනාහරි කරන්න පුළුවන්නම් හොඳයි. ඒත් බැරිනම් මොකද කරන්නෙ?

මේකයි කතන්දරේ. මේ ලෝකෙ ප්‍රශ්න කියලා අපිට දුක් වෙන්න, තරහ ගන්න, අවුල් වෙන්න, මූඩ් ගහන්න දේවල් නැහැ. ඔයාට පාලනය කරන්න පුලුවන් දෙයක් නම්, ඔයාට තියෙන්නෙ මොලේ කල්පනා කරලා උත්තරයක් හොයන එක. එහෙම නැති දේකට කොච්චර අවුල් වෙලා හිටියත් කිසි වෙනසක් වෙන්නෙ නැහැ. ඒක තමයි ස්වභාව ධර්මය. 


Comments

Popular posts from this blog

කොහොමද සතුටින් ඉන්නෙ?